අවතැන් මුස්ලිම්වරු රටපුරා උද්ඝෝෂණයේ


මන්නාරම ඇතුළු වන්නියේ අවතැන් වූ මුස්ලිම්වරුනට සාධාරණය පතා මුස්ලිම්වරු සිය දහස් ගණන් අද අනුරාධපුරය, වවුනියාව, කොළඹ හා තවත් බොහෝ පළාත්හි සිකුරාදා යාඥාවෙන් පසුව උද්ඝෝෂණය කළහ. ජනපති මහින්ද රාජපක්ෂ මහතාට ලියූ සංදේශයක් ඔවුන් වෙනුවෙන් මන්නාරම ඉස්ලාම් ආගමික මණ්ඩලයේ සභාපති එම්. ජුනයිඞ් මහතා විසින් ජනපති කාර්යාලයට බාරදෙනු ලැබීය.