අලුත්කඩේත් වර්ජනයේ
කොළඹ අලුත්කඩේ ශ්‍රේෂ්ඨාධිකරණය ඇතුළු සියලු උසාවි වැඩ අද නතර විය. කර්මාන්ත ඇමැති රිෂාඩ් බදුර්දීන් මහතා මන්නාරම උසාවියට කළැයි කියන බලපෑම්වලට විරෝධය පළ කරමින් නීතිඥවරු බොහෝ උසාවි ඉදිරිපිට විරෝධය දැක්වූහ. ත්‍රිකුණාමලයේ නීතිඥවරු පොළපාළියකින් ගොස් සිය විරෝධය පළ කැර උසාවි වර්ජනය කළහ. අලුත්කඩේ නීති කටයුතු සඳහා ආ මහජනයා හැරී ගියහ.

