අලුත්කඩේ පාළුයි


මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණයට එල්ල කළ ප්‍රහාරයට විරෝධය පාමින්, ඇමැති රිෂාඩ් බදුර්දීන් විසින් කරන ලදැයි කියන ක්‍රියා හෙළා දුටු කොළඹ අලුත්කඩේ උසාවි සංකීරණයේ, මහාධිකරණ,උපරිමාධිකරණ, ඇපැල් අධිකරණ හා මහේස්ත්‍රාත් අධිකරණ ඇතුළු අධිකරණවල නීතිඥවරුන් උසාවි කටයුතු වලින් බැහැර සිටීම නිසා  කිසිදු නඩුවක් විභාග නොවීය. සියළු නඩු ලබන 23 වැනි දිනට කල් තබන බවත් අද දින නීතිඥවරු රාජකාරීවලින්  බැහැරව සිටින නිසා උසාවි කටයුතු සිදු නොකරන බවත් දැන්වීමක් මහේස්ත්‍රාත් අධිකරණයේ අලවා තිබිණි. වෙනදා කාර්ය බහුල අලුත්කඩේ අද දවල් වන විට පාළුවට ගියේය.