අලුත් ලේකම්වරු 19ක්


අමාත්‍යංශ 18ක් සඳහා මහින්ද රාජපක්ෂ ජනාධිපති විසින් මීට මද වේලාවක් කලින් ලේකම්වරු 18 දෙනෙක් පත් කරනු ලැබූහ. පොල් කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් අනුර සිරිවර්ධන  වාණිජ සහ කර්මාන්ත අමාත්‍යාංශයට, සෞඛ්‍ය අමාත්‍යාශයේ ලේකම් වෛද්‍ය රවීන්ද්‍ර රුබේරු  සිවල් ගුවන් සේවා අමාත්‍යාංශයට, මහාභාණ්ඩාගාරයේ අධ්‍යක්ෂ ජනරාල් පදවියක් දැරූ වසන්ත ඒකනායක සංස්කෘතික සහ කලා කටයුතු අමාත්‍යාංශයට, බුද්ධ ශාසන අමාත්‍යාංශයේ ලේකම් කැෂියන් හේරත්  මහජන සම්බන්ධතා සහ මහජන කටයුතු අමාත්‍යාංශයට, පළාත් සභා අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය නිහාල් ජයතිලක  සෞඛ්‍ය අමාත්‍යාංශයට, රාජ්‍ය කළමනාකරණ සහ ප‍්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ ලේකම් ගාමිණි අමරවර්ධන  වෙළෙඳ අමාත්‍යාංශයට, මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති චරිත හේරත්  ජනමාධ්‍ය අමාත්‍යාංශයට, ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ආර්.ඒ.එක්. රණවක  පළාත් සභා අමාත්‍යාංශයට, විශ‍්‍රාම වැටුප් අධ්‍යක්ෂ ජනරාල් කේ.ඒ. තිලකරත්න යෞවන කටයුතු සහ වෘත්තීය පුහුණු අමාත්‍යාංශයට, වරාය සහ මහාමාර්ග අමාත්‍යාංශයේ අතිරේක ලේකම් අනුර ජයවික‍්‍රම  ක‍්‍රීඩා අමාත්‍යාංශයට, යාපනයේ හිටපු දිසාපති ඉමෙල්ඩා සුකුමාර් සමාජ සේවා අමාත්‍යාංශයට, ක‍්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම් උදය රන්ජිත් සෙනෙවිරත්න  පලදායිතා සහ සංවර්ධන අමාත්‍යාංශයට, කළුතර මහ දිසාපති විමලසිරි පෙරේරා  ඉදිකිරීම් සහ ඉංජිනේරු සේවා අමාත්‍යාංශයට, ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් එම්.බී.කේ.බී. දිසානායක  බුද්ධ ශාසන අමාත්‍යාංශයට, ඩබ්ලිව්.ඇම්. බන්දුසේන  රාජ්‍ය කළමනාකරණ සහ ප‍්‍රතිසංස්කරණ අමාත්‍යාංශයට මීට අමතරව දේශීය  වෛද්‍ය අමාත්‍යාංශයට ලලිත් කන්නන්ගර ද, පොල් සංවර්ධන හා ජනතා වතු සංවර්ධන අමාත්‍යාංශයට  නිහාල්  සෝමවීර ද, ළමා සංවර්ධන හා කාන්තා කටයුතු අමාත්‍යාංශයට එරික් ඉලයප්ප ආරච්චි  සහ නැවත පදිංචි කිරීමේ අමාත්‍යාංශයට  පී.එච්.ජේ.බී. සුගතදාස  පත්කරනු ලැබ සිටිති.