කටුනායක අධිවේගී මාර්ගය ඉදිකිරීමත් සමග කොළඹ නගරයේ උද්ගතව ඇති රථ වාහන තදබදයට පිළියමක් ලෙස කැළණි ගඟ හරහා නව පාලමක් ඉදිකිරීම සදහා වන ගිවිසුමකට ජපානය හා ශී‍්‍ර ලංකාව පසුගියදා අත්සන් තැබීය.
පාලම සදහා වැයවේයැයි අපේක්ෂිත මුදල රුපියල් කෝටි 4550 කි.එම මුදල ජපන් රජයෙන් විශේෂ ණයක් ලෙස ලබාගැනීමට නියමිතය.ඉදිකිරීම් කටයුතු සිදුකරනු ඇත්තේ ජපාන අන්තර්ජාතික සහයෝගීතාව සදහා වන ඒජන්සිය (ජයිකා) ආයතනයයි.
ගිවිසුමට ශී‍්‍ර ලංකාව වෙනුවෙන් අත්සන් තැබුවේ මුදල් හා ක‍්‍රම සම්පාදන අමාත්‍යංශ ලේකම් ආචාර්ය පී.බී.ජයසුන්දර මහතාය.ශී‍්‍රලංකාවේ ජපාන තානාපති නොබිහුටෝ හොබෝ මහතා ජපාන රජය වෙනුවෙනුත් ජයිකා ආයතනයේ ශී‍්‍ර ලංකා නියෝජිත කියෝෂි අමාඩා මහතා එම ආයතනය වෙනුවෙනුත් ගිවිසුමට අත්සන් තැබීය.
ඉදිකෙරෙන නව පාලමෙන් කටුනායක අධිවේගී මාර්ගයේ සිට පැමිණෙන රථ වාහන සෘජුවම කොළඹ නගරය කරා යොමුකෙරෙනු ඇති බව සදහන්ය.එමෙන්ම කොළඹ නගරයේ සිට පිටත්වන රථවාහන වලට තදබදයකින් තොරව කටුනායක අධිවේගී මාර්ගයට පිවිසීමටත් නව පාලම ආධාරයෙන් හැකිවනු ඇත.

