අලුත් කඩේ කළු කබා විරෝධයක් අදත්


ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී නීතීඥ විජයදාස රාජපක්ෂ මහතාගේ නාවල විජය මාවතේ  නිවසට එල්ල කළ වෙඩි ප්‍රහාරයට විරෝධය දක්වමින් කොළඹ අලුත්කඩේ උසාවි සංකීර්ණය ඉදිරිපිට අද විරෝධතා පා ගමනක් පැවැත්විණ. ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සාමාජික සාමාජිකාවන් රැසක් මෙම විරෝතාවට එක් වූ අතර ඔවුන් කියා සිටියේ රාජපක්ෂ මහතාගේ නිවසට එල්ල කළ ප්‍රහාරය ඇතුළු සමස්ත නීතීඥ ප්‍රජාවටම දිගින් දිගටම එල්ල කරන ප්‍රහාර වහා නවතා දමන ලෙසත්, අග විනිසුරුවරිය සම්බන්ධයෙන් ඉදිරිපත් කළ දෝෂාභියෝගය ද වහා හකුලා ගන්නා ලෙසත් ය. විරෝධතා පා ගමන අලුත්කඩේ ශ්‍රේෂ්ඨාධිකරණ භූමියේ සිට කෙසෙල්වත්ත පොලීසිය අසල ශ්‍රී ලංකා නීතීඥ සංගම් මූලස්ථානය දක්වා ගමන් කැරිණ.