අලියා හාන්සියි


පළාත් තුනේ මැතිවරණ කොට්ඨාසයන්හි තවත් තුන හතරක ප්‍රතිඵල නිකුත් වීමට තුබූ අතර ප්‍රකාශිත ඡන්ද වලින් එජාපයට එකම ආසනයක්වත් දිනා ගැනීමට නොහැකි විය. නැගෙනහිරින් ආසන වැඩි හරියක් රජයේ හවුල්කාර පක්ෂයක් වන මුස්ලිම් කොංග්‍රසයට හිමිවිය. දෙවැනි ස්ථානය ආර්. සම්බන්ධන් මහතාගේ නායකත්වයෙන් තරග කළ දෙමළ ජාතික සන්ධානයට හිමි විය. විමල් වීරවංශ මහතාගේ ජාතික නිදහස් පෙරමුණට සේරුවිලින් ලැබූ ඡන්ද අනුව ආසනයක් හිමිවන ලකුණු දක්නට ඇත.