අලියා මැරූ ගොවියා වසර හතරකට පසු අල්ලයි
සූරියවැව මහ ආරේ වගා බිමකදී වසර හතරකට පෙර විදුලි සැර යොදා අලියකු මරා සිරුර ජේ.සී.බී. යන්ත‍්‍රයක් යොදාගෙන කෙසෙල් වත්තක වළ දැමූ එක්දරු පියකු සැකපිට අත්අඩංගුවට ගත් බව තංගල්ල පොලිසිය කියයි.
තංගල්ල පොලිසියට ලැබුණු පෙත්සමක් අනුව සැකකරු අත්අඩංගුවට ගත්තේය. අලිියාගේ සිරුර අඟහරුවාදා (19) ගොඩ ගැනීමට නියමිතය.

