වෙඩි වැදී මාසයක් පමණ බදුල්ල කන්දකැටියේ මාලිද්දේ සැරි සරමින් සිටියදී මියගිය වල් අලියාගේ සිරුර ජල උල්පතක කුණුවෙමින් පවතින බව ගැමියෝ කියති. බදුල්ල දිසාපති රෝහණ කීර්ති දිසානායක මහතා කියනුයේ මේ අලියා මැරෙන්නට පෙර අදාළ නිලධරයනට දැනුම් දුන් නමුත් අලියා ජල මූලාශ‍්‍රයක මැරී පළාතම ගඳ ගසන තත්ත්වයක් ඇති වන තුරු ඔවුන් නොපැමිණි බවය.