ගල්ගමුව ඇහැටු වැව පහළගම වැව රක්ෂිතයේ ඇත් පැටවකු අල්ලා හොරෙන් රැගෙන යාමට ආ පිරිසක් වන ජීවී නිලධාරීන් දැක පැටවා දමා පළා ගිය බව වාර්තා වේ.
අඩි පහක් පමණ උසැති මේ ඇත් පැටවා නයිලෝන් කඹ දමා රැගෙන යාමට සුදානම් කැර තිබු බවත් දෙදෙනකු අත අවි තිබු බවත් වන ජීවී නිලධරයෝ කියති.
අලි පැටවුන් රැගෙන යාමට ආ දෙදනා සොයා මෙහෙයුමක් ද අරඹා ඇත.

