උඩවලවේ දී අලි පැටවෙකු සොරකම් කිරීමට ආ පිරිසක් ට්‍රැක්ටරයක් ද දමා පලාගිය බව උඩවලව වනජීවී නිළධරයෝ කියති.
වාහන කිහිපයකින් පැමිණි මෙම පිරිස අලි පැටවා රැගෙන යන්නට කඹ ආදී ආම්පන්නද රැගෙන පැමිණ ඇති බවත් මත් ගතියෙන් අලි පැටවා කැළයේ සිටින බවට තොරතුරු ලැබී ඇති බවත් වන ජීවී නිළධරයෝ කියති.
සිද්ධිය ගැන සැලවී එහි ආ මාධ්‍යවේදියෙකු පැහැරගෙන ගොස් අතරමග දමා ගොස් සිටි බවද කියති.
මෙම පිරිස දකුනේ අය බවද අලි පැටියා සොයාගැනීමට අද උදේ කැළයට යන බවද වන ජිවී නිළධරයෝ කියති.

