වනජීවී දෙපාර්තුමේන්තුවේ හීලෑ අලි ඇතුන් පිළිබඳ පවත්වාගෙන යන ලේඛන වෙනස් කිරීම හා ව්‍යාජ දත්ත එම ලිපි ලේඛන වලට ඇතුළත් කිරීම සම්බන්ධව වනඡිවී දෙපාර්තුමේන්තුවේ එම ලේඛන භාරව සිටි ලිපිකාරිනිය අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව අත් අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසයි.
වනයේ සිටින අලි පැටවුන් අල්ලා මුදලට විකුණන ජාවාරම් සම්බන්ධව සිදුකළ විමර්ශන වලදි ව්‍යාජ ලේඛන සැදිම සම්බන්ධව මෙම ලිපිකාරිනියව අත් අඩංගුවට ගෙන ඇති අතර දැනට අලි රොෂාන් නමැත්තාගේ පුද්ගලයෙකුද අත් අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති බවත් මේ සම්බන්ධව විමර්ශන වලදී මෙම ලිපි ලේඛන වෙනස් කිරීම් සම්බන්දව වනජීවී දෙපාර්තුමේන්තුවේ නිලධාරීන් සම්බන්ද බව තහවුරු වු බවත් ඔහු පැවැසිය.

