අලි රෑනක් දුප්පතාගේ බඩට ගහයි


පොළොන්නරුව ඓතිහාසික ගල් විහාරය හා රන්කොත් වෙහෙර අසල වෙළෙඳ කුටි දහයකට සෙනසුරාදා රාත්‍රී වල් අලි ප්‍රහාරයක් එල්ල විය.

මින්නේරිය ජාතික වනෝද්‍යානයෙන් එන්නට ඇතැයි සැලකෙන හයදෙනකුගෙන් යුතු  අලි රංචුවක් මෙම කඩ කඩා ඇතැයි කියති.

මාසයක පමණ සිට මෙම අලි එම ප්‍රදේශයේ ගැවසෙන බවත් කියති.