අලි රැලක් නව නිවහනකට


නිකවැරටිය, කොබෙයිගනේ, රස්නායකපුර හා කොටවෙහෙරේ වල් අලින් පනහක් පමණ ගිරිල්ල මීවැල්ලාව හරහා ඉඟිනිමිටිය රක්‍ෂිතයට රැගෙන යෑමේ මෙහෙයුමක් දැන් ක‍්‍රියාත්මක වෙයි. අලි පැටවු දස දෙනෙක් පමණ ද කොටුවී සිටිති. තලාකොළවැව කොටු අත්තාවල රක්‍ෂිතයට එම අලි රංචුව පැන්නීමට නිලධරයෝ සමත් වූහ. නිකවැරටිය වන සත්ව අඩවි ආරක්‍ෂක ගාමිණී බණ්ඩාර මහතාගේ මෙහෙයැවීමෙන් පසුගිය 11 වැනිදා ඇරඹුණු මේ මෙහෙයුමේ අරමුණ අලින් 70 ක් පමණ ගාල් කැර ගැනීමයි. දින 20 කින් මෙහෙයුම අවසන්වීමට නියමිතය. නිලධරයෝ 35 දෙනෙක් ඊට එක්වී සිටිති.