තරිඳු ජයවර්ධන
අලි මිනිස් ගැටුම විසඳීම සඳහා යෝජිත නව වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීම සඳහා ප්‍රමාණවත් කාර්ය මණ්ඩලයක් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව නැති බැවින් අලුතින් නිලධාරීන් සහ සේවකයන් 1019ක් බඳවා ගැනීමේ කටයුතු ආරම්භ කර ඇතැයි අමාත්‍යංශ ආරංචි මාර්ග කියයි.
යෝජිත වැඩසටහන කාර්යක්ෂමව ක්‍රියාත්මක කිරීමට සඳහා දැනට අනුමත කාර්ය මණ්ඩලයට අමතරව මෙම පිරිස අවශ්‍ය බවට වනජීවී ඇමැති සරත් ෆොන්සේකා මහතා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවකට අනුමැතිය ලැබීමෙන් පසු මෙම පිරිස බඳවා ගැනීම ආරම්භ කර තිබේ.
බඳවා ගැනීමට ඉල්ලා ඇති තතුරු ගණන මෙසේය.
සහකාර අධ්‍යක්ෂවරු 07
පශු වෛද්‍යවරු 20
වනසත්ත්ව අඩවි ආරක්ෂක 117
වනසත්ත්ව අඩවි සහකාර 234
වනසත්ත්ව නියාමක 234
සංවර්ධන නිලධාරීන් 19
රාජ්‍ය කළමනාකාර සහකාර 38
රියදුරන් 200
බර වාහන යන්ත්‍ර ක්‍රියාකරුවන් 150