අලි බ්‍රෝකර්ට ඇප


ජනපතිට අලි ඇතුන් සපයන බව කියමින් බලපත්‍රයක් නොමැතිව අලින් සිව් දෙනකු ළඟ තබා ගත් බව කියන පුද්ගලයකු රුපියල් 50,000ක මුදල් හා රුපියල් දස ලක්ෂයක ඇපකරුවන් දෙදෙනකු මත මුදා හරින ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ නියෝග කළේය.

මහින්ද ගලප්පත්ති නම් එම සැකකරු මිනුවන්ගොඩ ව්‍යාපාරිකයකුට මියන්මාරයෙන් රුපියල් ලක්ෂ 75කට අලිපැටවකු ගෙනවිත් දෙන බව පොරොන්දු වී රුපියල් ලක්ෂ 33ක් වංචා කළැයි පොලිසිය අධිකරණයට දැන්වීය.