අලි නාම යෝජනා සුපිරිසුදු අයට පමණයි


උතරු මැද, නැගෙනහිර සහ සබරගමු පළාත් සභා තුන සඳහා එක්සත් ජාතික පක්ෂයෙන් තරග කිරීමට නියමිත අපෙක්ෂකයින් තෝරා ගැනෙන සම්මුඛ පරීක්ෂණ පිටකෝට්ටේ සිරිකොත පක්ෂ මූලස්ථානයේ දී අද පැවැත්විණි. මහා ලේකම් තිස්ස අත්තනායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති පරීක්ෂණ මණ්ඩලයට පාර්ලිමේන්තු මන්ත්‍රීන් වන ජෝෂප් මයිකල් පෙරේරා, ලක්ෂ්මන් කිරිඇල්ල, රවී කරුණානායක හා පක්ෂ භාණ්ඩාගාරික සෙනරත් කපුකොටුව යන මහත්වරු ද එක් වූහ. මෙවර නවක අපෙක්ෂකයින් තුන්සීයකට වඩා අධික ප්‍රමාණයක් අයදුම් කළ බවත් කිසිදු සමාජ විරෝධී ක්‍රියාවකට හෝ වංචා දූෂණ චෝදනාවකට ලක් වූ කිසිදු අපේකෂකයකුට නාම යෝජනා නොදෙන බවත් මහාලේකම් තිස්ස අත්තනායක මහතා පැවැසීය.