අලි දෙන්නෙක් සීත මාලිගාවට එති


පරාක‍්‍රම සමුද්‍රයේ දුපතේ පිහිටි සීත මාලිගාවට පීනා ආ අලි දෙදෙනකු වැව් රක්ෂිතයට පලවා හල බව වනජීවී නිලධරයෝ කියති. සීත මාලිගයේ පැරැුණි පාදම, ගඩොල් බැමි ආදියට මේ අලින් දෙදෙනාගෙන් හානි සිදුවී ඇතැයි කියති. පරාක‍්‍රම සමුද්‍රය රක්ෂිතයේ වල් අලි ගැවසෙති. පරාක‍්‍රමබාහු රජ කාලයේදී මේ සීත මාලිගය හදන්නට ඇතැයි ඉතිහාසයේ දැක්වේ.