(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
අල්ලේ සඟවාගෙන රැගෙන යා හැකි නවීන පන්නයේ ගිනි අවියක් සමඟ පුද්ගලයන් තිදෙනෙකු දෙමටගොඩ ගුවන් පාලම අසළ දී අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
දැනට රක්ෂිත බන්ධනාගාර ගතව සිටින අංගොඩ ලොක්කා සමඟ සබඳතා පවත්වන පුද්ගලයකු මෙම පුද්ගලයා ඇසුරු කරන බවට ද තොරතුරු ලැබී ඇතැයි පොලිසිය කියයි.
මෙම ගිනි අවිය පාතාල ක්‍රියාකාරකම් සඳහා ලබා දුන්නේ ද යන්න පිළිබඳව ප්‍රශ්න කරන බව පොලිසිය පවසයි.

