අල්ලස් හා දූෂණ පැමිණිලි 1217 ක් ගැන විමර්ශන



 
 
(සුජිත් හේවාජුලිගේ)
 
අල්ලස් ගැනීම්, දූෂණ හා අයථා ලෙස වත්කම් ඉපැයීම් පිළිබඳ පැමිණිලි 1217ක් සම්බන්ධයෙන් මේ දිනවල විමර්ශන පවත්වන බව අල්ලස් හා දූෂණ චෝදනා විමර්ශන කොමිසම පවසයි.


මේ පැමිණිලි අතර විවිධ තරාතිරම්වල දේශපාලනඥයන් පිරිසකට විරුද්ධව ඉදිරිපත් වුණු පැමිණිලි ද වෙතැයි කොමිසමේ උසස් නිලධාරියෙක් පැවසීය.


අල්ලස් ගැනීම පිළිබඳ පැමිණිලි 254ක්,  දූෂණ පිළිබඳ පැමිණිලි 900ක් හා අයථා ලෙස වත්කම් ඉපයීම් පිළිබඳ පැමිණිලි 63ක් සම්බන්ධයෙන් මෙසේ විමර්ශන පවත්වන බව කොමිසම පවසයි.


අල්ලස් කොමිසම විසින් මෑත භාගයේ දී මහාධිකරණයේ නඩු 19ක් ද , මහේස්ත‍්‍රාත් අධිකරණයේ නඩු 13ක් ද පවරනු ලැබ ඇතැයි වාර්තා වෙයි.