(නිමන්ති රණසිංහ)
නීති විරෝධී ගංජා ව්‍යාපාරිකයකු අත්අඩංගුවට නොගෙන නීති මගින් කටයුතු නොකිරීමට අල්ලස් ගත් බව කියන අලුත්ගම සුරාබදු ස්ථානයේ සුරාබදු නියාමකවරයකු ලබන 12 වැනි දා දක්වා රිමාන්ඩ් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලාල් රණසිංහ මහතා අද (28) නියෝග කළේය.
කේ එච් අනුර ක්‍රිෂාන්ද සිල්වා නම් එම නියාමකවරයා රුපියල් 50000ක අල්ලසක් ඉල්ලා ඉන් 20000ක් ලබා ගෙන ඇති අතර ඉතිරි මුදල් ලබා ගැනීමේදී අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කෙරිණ.

