(ඉන්දිකා රාමනායක)
පුද්ගලයකුගෙන් රුපියල් 50,000 ක අල්ලස් මුදලක් ලබාගැනීමට ගිය පැල්මඩුල්ල පොලීසියේ සැරයන්වරයෙකු අද (21) පැල්මඩුල්ල මහෙස්ත්‍රාත් අධිකරණය ඉදිරිපිටදී අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
නඩුවකට අදාළව පැමිණිල්ලේ මුල් පිටපත් සහ සාක්කි සම්පිණ්ඩන සහිත වාර්තාවක් ලබා දීම සඳහා සැරයන්වරයා මෙම පුද්ගලයාගෙන් අල්ලස් ඉල්ලා තිබේ.
සැකකාර සැරයන් අද (21) පෙරවරු 9.20 පැමිණිලිකරුගෙන් මෙම මුදල් ලබාගත් අවස්ථාවේදී එම ස්ථානයේ සිටි අල්ලස් නිලධාරීන් අත්අඩංගුවට ගෙන ඇත.
මොහු පැල්මඩුල්ල පොලීසියේ අපරාධ විමර්ශන අංශයේ සැරයන්වරයෙකි.
සැකකාර සැරයන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

