අල්ලස් ගත් මාර්ග පරීක්ෂක වසර 20ක් හිරේට


(මනෝප්‍රිය ගුණසේකර සහ රන්ජන් කටුගම්පොළ)
 
දුම්රිය මාර්ගයට යටින් මළප්‍රවාහන බට පද්ධතියක් එළීමට අනුමැතිය ලබාදීම සඳහා ඉංජිනේරුවරයෙකුගෙන් රුපියල් 50,000/-ක අල්ලසක් ඉල්ලා ඉන් රුපියල් 35,000/-ක මුදලක් ලබාගැනීමේ චෝදනාවට වරදකරු වු දුම්රිය දෙපාර්තමෙන්තුවේ හිටපු මාර්ග පරීක්ෂකවරයෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා වසර 20ක බරපතල වැඩ සහිත සිරදඬුවම් නියම කළේය.
 
ඔහු අල්ලස් වශයෙන් ලබාගත් රුපියල් 35,000/-ක මුදල දණ්ඩනයක් ලෙස අයකර ගැනීමටද නියම කළේය.
 
සමාජය අල්ලසින් බේරා ගැනීම සඳහා අනෙකුත් රාජ්‍ය සේවකයින්ද අල්ලසින් ඈත් කර තැබීමට හැකි වන ආකාරයේ දඬුවමක් විත්තිකරුට නියම කරන්නැයි අල්ලස් කොමසමේ සහකාර අධ්‍යක්ෂ රුවනි වික්‍රමසිංහ මහත්මිය කළ ඉල්ලීමක් පිළිගත් විනිසුරුවයා අදාළ දඬුවම් වලට අමතරව රුපියල් 20,000/-ක දඩයක්ද ඔහුට නියම කළේය.