මනෝප්‍රිය ගුණසේකර සහ රන්ජන් කටුගම්පොළ
දැව කඳන් ලබාදීම සඳහා ව්‍යාපාරිකයකුගෙන් රුපියල් ලක්ෂයක අල්ලසක් ඉල්ලා ලබාගැනීමේ චෝදනාවට වරදකරු වු රාජ්‍ය දැව සංස්ථාවේ බණඩාරවෙල බිදුණුවැව කාර්යාලයේ හිටපු සහකාර ප්‍රාදේශිය කළමණාකරුට කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා වසර 10ක බරපතල වැඩ සහිත සිරදඬුවම් නියම කළේය.
සිද්ධියට ආධාර සහ අනුබල දුන් බවට චෝදනා ලැබ සිටි ප්‍රාදේශිය කළමණාකරු නිදොස් කොට නිදහස් කරන ලෙස ද නියෝක කැරිණි.
අනෙකුත් රාජ්‍ය සේවකයින් ද අල්ලසින් ඈත් කර තැබීමට හැකි වන ආකාරයේ දඬුවමක් විත්තිකරුට නියම කරන්නැයි අල්ලස් කොමසමේ සහකාර අධ්‍යක්ෂ ප්‍රියංගනී ජයලත් මහත්මිය කළ ඉල්ලීමක් පිළිගනිමින් චෝදනාවට වරදකරුවු හිටපු සහකාර ප්‍රාදේශිය කළමණාකරුට අදාළ දඬුවම් වලට අමතරව රුපියල් 10,000/-ක දඩයක්ද නියම කළ විනිසුරුවයා ඔහු අල්ලස් වශයෙන් ලබාගත් රුපියල් ලක්ෂයක මුදල දණ්ඩනයක් ලෙස අයකර ගැනීමටද නියම කළේය.
චෝදනාවන්ට වරදකරුවීම නිසා රාජ්‍ය දැව සංස්ථාවේ බණඩාරවෙල බිදුණුවැව කාර්යාලයේ හිටපු සහකාර ප්‍රාදේශිය කළමණාකරු ධනුෂ්ක සම්පත් නමැත්තාට මෙලෙස දඬුවම් නියම වු අතර ප්‍රාදේශිය කළමණාකරු ලෙස කටයුතු කළ වරදාන කීර්ති රෝයි නමැත්තා නිදොස් කොට නිදහස් කළේය.

