(නිමන්ති රණසිංහ)
අල්ලස් වශයෙන් රුපියල් 5000 ක් ලබා ගත් බව කියන ආගමන විගමන දෙපාර්තමේන්තුවේ කළමනාකරණ සහකාරවරයා ලබන 31 දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය අද(20) නියෝග කළාය.
ඉතාලියේ පුරවැසිභාවය ලබා සිටින ශ්‍රී ලාංකිකයකුට සහ ඔහුගේ දරුවන් තිදෙනාට ලංකාවේ පුරවැසිභාවය ලබාදෙන බව පවසා අල්ලස් ලබාගැනීම හේතුවෙන් සැකකරු අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිසම විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
මෙසේ බන්ධනාගාර ගතකරන ලද්දේ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ පුරවැසි අංශයේ කළමනාකාර සහකාරවරයකු ලෙස සේවය කරන අතුරුගිරියේ පෝරේ පදිංචි සරත් කුමාරසිරි නමැත්තාය.

