(මනෝප‍්‍රිය ගුණසේකර)
අභ්‍යාසලාභී ගුරුවරියකගේ සේවය ස්ථිරකරදීම සඳහා අභ්‍යාසලාභී ගුරුවරියගේ ඥාතියකුගෙන් රුපියල් ලක්‍ෂ 2 ක අල්ලසක් ඉල්ලා ලබා ගැනීමේ චෝදනාවට වරදකරු වු නිකවැරටිය හිටපු සහකාර කලාප අධ්‍යාපන අධ්‍යක්‍ෂවරියට කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳි මහතා වසර 20 ක බරපතල වැඩ සහිත සිරදඬුවමක් නියම කළේය.
විත්තිකාරියට නියම කළ සිරදඬුවමට අමතරව රුපියල් 20,000/-ක දඩයකටද ඇය යටත් කළ විනිසුරුවරයා විත්තිකාරිය අල්ලස් වශ්‍යයෙන් ලබාගත් රුපියල් ලක්‍ෂ 02 ක අල්ලස් මුදල දණ්ඩනයක් ලෙස අයකර ගැනීමටද නියම කළේය.
දඩ මුදල් නොගෙවුවහොත් අමතර වසර 02ක බරපතල වැඩ සහිත සිරදඬුවමක් ද විනිසුරුවරයා නියම කළේය.
සමාජය අල්ලසින් බේරා ගැනීම සඳහා අනෙකුත් රාජ්‍ය සේවකයින්ද අල්ලසින් ඈත් කර තැබීමට හැකි වන ආකාරයේ දඬුවමක් විත්තිකරුට නියම කරන්නැයි අල්ලස් කොමිසමේ සහකාර අධ්‍යක්‍ෂ ජනරාල් නීතීඥ මනෝදි හේවාවසම් මහත්මිය කළ ඉල්ලීමක් පිළිගනිමින් විනිසුරුවරයා විත්තිකාරියට අදාළ දඩුවම් නියම කළේය.
විත්තිකාරියට එරෙහි චෝදනා හතරම පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කොට ඇතැයි තීරණය කළ විනිසුරුවරයා එම චෝදනාවන්ට වරදකරු වු විත්තිකාරියට අදාළ දඩුවම නියම කළේය. චෝදනාවට වරදකරුවීම නිසා මෙලෙස දඬුවම් නියම වුයේ නිකවැරටිය සහකාර කලාප අධ්‍යාපන අධ්‍යක්‍ෂවරිය වශයෙන් සේවය කළ රෝහිණී වසන්තා කුමාරිහාමි නමැත්තියටය.
2011 ජුනි මස පළමුවැනිදාත් ජුලි මස පළමුවැනිදාත් අතර කාලයේ නිකවැරටිය සහකාර කලාප අධ්‍යාපන අධ්‍යක්‍ෂවරිය වශයෙන් සේවය කරමින් සිටියදී අභ්‍යාසලාභී ගුරුවරියකගේ සේවය ස්ථිරකරදීම සඳහා ඇගේ ඥාතියකුගෙන් රුපියල් ලක්‍ෂ 2 ක අල්ලසක් ඉල්ලා ලබා ගැනීම ඇතුළු චෝදනා හතරක් මත අල්ලස් කොමිසම විත්තිකාරියට එරෙහිව නඩු පවරා තිබිණි.
මේ සම්බන්දයෙන් පැවැතී දීර්ඝ නඩු විභාගයේදී විත්තිකාරියට එරෙහි චෝදනා හතරම පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කොට ඇතැයි තීරණය කළ විනිසුරුවරයා එම සියලුම චෝදනාවන්ට ඇය වරදකාරිය බවට තීරණය කළේය.
පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි අල්ලස් කොමිසමේ සහකාර අධ්‍යක්‍ෂ ජනරාල් නීතීඥ මනෝදි හේවාවසම් මහත්මිය කරුණු ඉදිරිපත් කරමින් අධ්‍යාපන ක්‍ෂේත‍්‍රයේ රාජ්‍ය සේවකයින් අල්ලස් ලබා ගැනීම හේතූවෙන් රාජ්‍ය සේවකයින් මහජනතාව අතර දැඩි පිළිකුලට ලක් වනවා මෙන්ම රටේ ආර්ථිකයටද දැඩි හානි සිදුවන බව පෙන්වා දුන්නාය.
සමාජය අල්ලසින් බේරා ගැනීම සඳහා අනෙකුත් රාජ්‍ය සේවකයින්ද අල්ලසින් ඈත් කර තැබීමට හැකි වන ආකාරයේ උපරීම දඬුවමක් විත්තිකරුට නියම කරන්නැයි මනෝදි හේවාවසම් මහත්මිය ඉල්ලා සිටියාය.
ඉදිරිපත් වු කරුණු සැළකිල්ලට ගත් විනිසුරුවරයා විත්තිකාරියට වසර 20ක බරපතල වැඩ සහිත සිරදඩුවම් නියම කොට එය වසර 10ක කාලයකින් ගෙවී යන පරිදි ක‍්‍රියාත්මක කිරීමට නියම කළේය.ඊට අමතරව විත්තිකරුට නියම කළ දඩ මුදල් හා දණ්ඩන මුදල නොගෙවුවහොත් අමතර වසර 03 ක සිරදඬුවමකටද ඇය යටත් කළේය.
පැමිණිල්ල වෙනුවෙන් අල්ලස් කොමිසමේ සහකාර අධ්‍යක්‍ෂ ජනරාල් නීතීඥ මනෝදි හේවාවසම් මහත්මිය පෙනී සිටියාය.

