හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ළඟට ගොස් ප්‍රකාශයක් ගැනීමට අල්ලස් කොමිසමේ සභාපතිට දන්වන බව අධිකරණ ඇමැති තමාට දැන්වී යැයි කථානායක චමල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුව අද යළි රැස්වූ අවස්ථාවේදී ප්‍රකාශ කළේය.
මුදල් ඇමැති රවී කරුණානායක මහතා පාර්ලිමේන්තුවේදී මන්ත්‍රීන් ගැන කළැයි කියන ප්‍රකාශයක් ඉවත් කරගන්නා ලෙස විපක්ෂ මන්ත්‍රීවරු බල කළහ. එවැනි ප්‍රකාශයක් හැන්සාර්ඩ් වාර්තාවේ සටහන් වී නැති නිසා එවැනි ප්‍රශ්නයක් මතු නොවන බවද කථානායක කීවේය.
කරුණානායක මහතාගේ ඒ කථාව මාධ්‍යවේදීන්ට ඇසුණේ නම් එය තම වාර්තාවලින් ඉවත් කරන ලෙසද ඔහු ඉල්ලා සිටියේය. යළිත් මිනිත්තු කිහිපයකට පාර්ලිමේන්තුව කල් තැබූ කථානායක පැවසූයේ 19 වැනි සංශෝධනය සම්බන්ධයෙන් ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා හමුවී තීරණයක් ගන්නා ලෙසයි.
ජනපති සිරිසේන මහතා අද උදේ සිටම පාර්ලිමේන්තුවේ සිය කාමරයේ සිටී.

