අල්ලස් - දූෂණ විමර්ශනයට උපාධිධාරීන් 200 ක්


සුජිත් හේවාජුලිගේ
 
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමට විමර්ශන නිලධාරින් වශයෙන් උපාධිධාරීන් 200 දෙනකු බඳවා ගැනීමට කටයුතු කරගෙන යන බව එහි කොමසාරිස් නෙවිල් ගුරුගේ මහතා පැවසීය.


මේ පිළිබඳ සම්මුඛ පරික්ෂණ ලබන මාසයේ දී පැවැත්වෙන බවද ඔහු කීය.


මෙයට අමතරව අල්ලස් හා දූෂණ වැළැක්වීමේ කටයුතු සඳහා සුපිළිපන්න නිලධාරින් වශයෙන් උපාධිධාරීන් 50 දෙනකු බඳවා ගැනීමට ද අල්ලස් කොමිසම කටයුතු කරගෙන යයි.


අල්ලස් කොමිසමේ විමර්ශන නිලධාරින් 400 දෙනකු සිටිය යුතු වුවත් දැනට සිටින්නේ විමර්ශන නිලධාරින් 200 දෙනකු පමණකැයි එම කොමිසම පවසයි.