අලස් ආ ගමන් පොන්සේකා නිදහස්
”අපි ඔහු ඉක්මණින් නිදහස් කරනවා” යැයි මහින්ද රාජපක්ෂ ජනපති කොළඹදී පැවැසී යැයි ද හින්දු පත‍්‍රයේ ආර්.කේ. රාධකිෂ්ණන් කීවේය. ජනපති එසේ පැවැසුවේ හිරගතකර සිටින හිටපු හමුදාපති සරත් පොන්සේකා ගැන ඇසූ අවස්ථාවේදීය. ”ගෝඨාගේ යුද්ධය, ශ්‍රී ලංකාවේ දෙමළ කොටි සංවිධානය වැනැසීම” නම් පොත දොරට වැඞීමේ උත්සවයේදී ජනපති එසේ කීවේය.
පොන්සේකා නිදහස් කිරීමට ඇති ප‍්‍රමාදය කිමෙක්දැයි ප‍්‍රශ්න කළවිට ජනපති පැවසුවේ පොන්සේකා නිදහස් කර ගැනීමට බෙහෙවින් මහන්සි වූ පාර්ලිමේන්තු මන්ත‍්‍රී ටිරාන් අලස් ශ්‍රී ලංකාවේ නොසිටීම බවයි. මහා බි‍්‍රතාන්‍යයට ගිය අලස් මන්ත‍්‍රීවරයා අද ලංකාවට එතියිද ඔහු නිදහස් කර ගැනීමේ ගෞරවය ඔහුට හිමිවිය යුතු යයිද ජනපති හින්දු පත‍්‍රය සමග කීවේය. පොන්සේකා නිදහස් කිරීමට නම් ඔහු හෝ ඔහුගේ පවුලේ සාමාජිකයන් ආයාචනයක් කළ යුතු යැයි රජය මුලින් කීවේය.

