(විනීතා එම් ගමගේ)
සංචාරක සංවර්ධන හා ක‍්‍රිස්තියානු කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉවත්කරනු ලැබූ අරුන්දික ප‍්‍රනාන්දු මහතාට අද හෙටම වෙනත් නියෝජ්‍ය අමාත්‍ය ධුරයක් හිමිවන බවට අද පෙරවරුවේ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැති උත්සවයක නිපුණතා සංවර්ධන හා වෘත්තිය පුහුණු අමාත්‍ය චන්දිම වීරක්කොඩි මහතා ඉඟියක් පළ කළේය.
ඔරුගොඩවත්ත මෝටර් රථ ඉංජිනේරු අභ්‍යාස ආයතනයේ නව ගොඩනැගිලි සංකීර්ණය අද පෙරවරුවේ විවෘත කෙරුණේ ජනාධිපතිවරයා අතිනි. අරුන්දික ප‍්‍රනාන්දු මන්ත‍්‍රීවරයා ද එම උත්සව සභාවට සහභාගි වී සිටි අතර ජනාධිපතිවරයා සමඟ සුහද කතාබහක ද නියැලී සිිටියේය. ඔහුගේ පැමිණීම පිළිබඳව උත්සව සභාව ද විමතියට පත්ව සිටියේය.
එහි දී ජනාධිපතිවරයා උත්සව සභාව ඇමතුයේ නැත. උත්සව සභාව ඇමතූ ප‍්‍රධාන කථිකයා වූයේ චන්දිම වීරක්කොඩි අමාත්‍යවරයාය. ඔහු සභාවෙන් අවසර ගන්නා අවස්ථාවේ අරුන්දික ප‍්‍රනාන්දු මහතා හැඳින්වූයේ ‘‘ ඊයේ නියෝජ්‍ය ඇමති, අද මන්ත‍්‍රී , හෙට ආයෙත් නියෝජ්‍ය ඇමති’’ යනුවෙනි.

