අරියාදුවක් ගැන පොන්සේකා කියයි


නව දේශපාලන පක්‍ෂයක් ලියාපදිංචි කිරීමට මැතිවරණ කොමසාරිස්ගෙන් අවසර ඉල්ලා ඇතැයි හිටපු යුද හමුදාපති සරත් පොන්සේකා කුරුණෑගල ව්‍යාපාරික හමුවකදී පැවසීය. රජයේ  ඕනෑකමින් එය පමා කරතියි ඔහු චෝදනා කරයි. තම අරමුණ ඉදිරි පළාත් පාලන ඡන්දවලට අපේක්‍ෂකයන් ඉදිරිපත් කිරීම බවද ඔහු කීවේය. සරත් පොන්සේකා මෑතකදී එවැනි ඉල්ලීමක් කර නැතැයිද කලකට පෙර ඉදිරිපත් වූ ඉල්ලීමක් ප‍්‍රතික්ෂේප කිරීම පිළිබඳව මානව හිමිකම් කොමිසම හමුවේ පැමිණිල්ලක් විභාග කෙරෙන බවද මැතිවරණ කොමසාරිත් දෙපාර්තමේන්තු ආරංචි මාර්ග කියයි.