අර්නස්ට් පෝරුතොට පියතුමෝ ස්වර්ගස්ථ වෙති


(ඩයනා උදයංගනී)

අර්නස්ට් පෝරුතොට පියතුමන් අද (16)  උදෑසන ස්වර්ගස්ථ විය.

කුඩා වයසේදීම සිතූ ලෙස පූජකවරය ලබාගත් පෝරුතොට පියතුමන් ස්වර්ගස්ථ වන විට 89 වැනි වියෙහි පසුවිය.

මාරවිල රෝමානු කතෝලික පිරිමි පාසලෙන් ප්‍රාථමික අධ්‍යාපනය හැදැරූ ගරු අර්නස්ට් පෝරුතොට පියතුමා 1957 පෙබරවාරි 02 පූජකත්වය ලැබුවේය.

ජාතික කතෝලික සිනමා පර්ෂදයේ (OCIC) අධ්‍යක්ෂ ධුරය (1972 – 1982) දරන ලදී.

ලේඛකයෙකු වගේම සිනමා විචාරකයෙකු වූ ගරු අර්නස්ට් පෝරුතොට පියතුමා සිංහල සිනමාවට ද මහත් සේවයක් කළහ.