අර්ථ සාධකේ රැකගන්න අල්ලස් කොමිසමට පැමිණිලි
සේවක අර්ථසාධක මුදල් කොටස් වෙළඳපොළ ඇතුළු අවදානම් ආයතනයන්හි ආයෝජනය කිරීමට විරුද්ධව අන්තර් සමාගම් සේවක සංගමය අල්ලස් හා දූෂණ විමර්ශන කොමිසම වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කැරිණි. අන්තර් සමාගම් සේවක සංගමයේ ප්‍රධාන ලේකම් නීතීඥ ජානක අදිකාරි සහ ආර්.ඒ.ඩී. ජයතිලක මහත්මිය සංදේශය බාර දුන්හ.

