අර්ථ නිරූපණය රජය ඉවත දමයි


අගවිනිසුරුවරියට එරෙහි දෝෂාභියෝගය සම්බන්ධයෙන් අභියාචනාධිකරණය අද ප‍්‍රකාශයට පත් කළ ශ්‍රේෂ්ඨාධිකරණ අර්ථ නිරූපණය නොපිළිගන්නා බව නියෝජ්‍ය කතානායක චන්දිම වීරක්කොඩි කොළඹ පාර්ලිමේන්තුවේදී පැවසීය. පාර්ලිමේන්තුවේ ස්ථාවරය කතානායක විසින් පැහැදිලිව ප‍්‍රකාශයට පත්කර ඇතැයි ඔහු කීවේය. පාර්ලිමේන්තු බලය ගැන වෙනත් පාර්ශවයකට ප‍්‍රශ්න කළ නොහැකි බවද ඔහු කීවේය.