යසර් අර්පත් මියගියේ වස දීමෙන් ද සැක මතුවීම නිසා ඔහුගේ බිරියගේ ඉල්ලීම අනුව සිරුර යළි ගොඩ ගැනීමට නියමිතය.හිටපු පලස්තීන නායක යසර් අරපත් 2004 නොවැම්බර් 11 වැනි දා ප‍්‍රංශයේ පැරිස් නුවරට නුදුරින් පිහිටි ෆර්සි ඩෙ ක්ලෙමා ප‍්‍රංශ හමුදා රෝහලේ දි මිය ගියේය. මරණ පරීක්ෂණයකින් තොරව ඔහුගේ දේහය පලස්තීනයේ තැන්පත් කැරිණි. අවුරුදු අටකට පසු ස්විට්සර්ලන්තයේ ලොව්සාන් නගරයේ සුප‍්‍රසිද්ධ නවීන පරීක්ෂණාගාරයකින් කරන ලද පරීක්‍ෂණ ප‍්‍රථිපල අනුව ඔහු පාවිච්චි කළ දත් බුරුසුව, හිස් වැසුම, ඇදුම්, බෑග් වලින් ෆොලෝනියම් - 210 නැමති විෂ රසායනිකයක අංශු සොයා ගත් බව පරීක්ෂනාගාරය ප‍්‍රකාශයට පත් කළේය. ඒ අනුව ඔහුගේ වැන්දඹුව වූ පැරීසියේ පදිංචි සුහා අරපත්ගේ පැමිණිල්ලක් මත පලස්තීන නායකයාගේ සිරුර නැවත පරීක්ෂණයකට භාජනය කළයුතු බව පැරීසියේ උසාවියකින් නියෝග කර ඇත. ඒ සදහා වර්තමාන පලස්තීන අධිකාරියේද අවසරය ලැබී ඇත. ඒ අනුව නුදුරු දිනයක එම පරීක්ෂණ කටයුතු ඇරඹෙනු ඇත.