(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
සහසිකයකු අතින් ඝාතනයට ලක් වූ අටුලුගම පාතිමා අයේශා දැරියගේ අවසන් කටයුතු දහස් ගණනකගේ සෝසුසුම් මැද අටුලුගම මහ පල්ලිය සුසාන පොදු සුසාන භූමියේදී මධ්‍යයේ අද රාත්‍රියේ දී සිදු කෙරිණි
වසර නමයක් මාපියන්ගේ ඥාතීන්ගේ සහ අසල්වාසීන්ගේ ආදරය කරුණාව මැද හැදී වැඩුණු ෆාතිමා දැරිය ඉකුත් 27 වැනි දින වෙළඳ සැලකට ගොස් යළි නිවසට පැමිණෙන අවස්ථාවේදී නොසිතූ නොපැතූ අයුරින් නිවසට මීටර් කීපයක් තිබියදී හිත් පිත් නැති කාමාතුරයකුගේ අතින් ඝාතනයට ලක්විය.
ඇයගේ වියෝවත් සමඟ ම 20,000ක පමණ මහා ජනකායක් වෙසෙන අටුලුගම ගම්මානය පමණක් නොව මුළු රටම හඬා වැලපෙන්නට විය
කොටදෙනියාව සේයා දැරියගේ වියෝව හදවත්වලින් මැකී යන්නටත් පෙර එවැනි ම වූ දැරියකට අත්වූ ඉරණම දරුවන් සිටින, සහෝදර සහෝදරියන් සිටින,ඥාතීන් සිටින කිසිවෙකුත් අනුමත නොකරනු ඇත