(නිමල කොඩිතුවක්කු)
අයිස් මත්ද්‍රව්‍ය කිලෝ එකයි ග්‍රෑම් 955 ක් වෑන් රථයකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙක් පේදුරුතුඩුව නගරයේදී පොලිස් විශේෂ කාර්ය බලකාය අද(01) අත්අඩංගුවට ගෙන තිබේ.
යාපනය පොලිස් විශේෂ කාර්ය බලකාය කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරක් මත පේදුරුතුඩුව නගරයෙදී සිදු කළ වැටලීමකදී මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇත.
අයිස් කිලෝ එකයි ග්‍රෑම් 955ක ප්‍රමාණයක් අදාල වෑන් රථයේ පාර්සල් දෙකක් වශයෙන් අසුරා රියදුරු අසුන යට සඟවා තිබීයදී සොයාගෙන ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි.
අත්අඩංගුවට ගත් සැකකරු 66 හැවිරිදි කුච්චන්පටුමග, වැල්වැටිතුරය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
සැකකරු අද (02) පේදුරුතුඩුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට කියමිත අතර පේදුරුතුඩුව පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

