(යොහාන් භාසුර)
පණු රෝග සඳහා ලබාදෙන ‘අයිවර්මෙක්ටින්’ ඖෂධය කොරෝනා මර්දනය සඳහා යෝග්‍ය බවත් එය නිර්දේශ කරන ආකාරය වෛද්‍යවරු තීරණය කළ යුතු බවත් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය පීඨයේ මහාචාර්ය අශෝක දංගොල්ල මහතා පැවසීය.
මෙම ඖෂධය වයිරසයට ඇතු`ඵවූ විට වයිරසයේ න්‍යෂ්ටිය තුළ ඇති අනු ප්‍රවාහනය කිරීමේ අපහසුතාවක් ඇති කර වයිරස් ශරීරියට ගිය ප්‍රමාණයට ජීවත් වෙන්න ඕන නව වයිරස් ඇති නොකිරීම හේතුවෙන් මේ ඖෂධයෙන් වයිරසයට ජීවත්වීමේ අපහසුතාව ඇති කරනවා ඒ අනුව වයිරසය විනාශ වන බවත් 70 දශකයේ මෙම ඖෂධ සොයාගැනීම වෙනුවෙන් නොබෙල් සම්මාන ද ලැබුණු බවත් මහාචාර්ය අශෝක දංගොල්ල මහතා කියයි.
සතුන් සඳහා බහුලව යොදාගන්නා මාවනැල්ල ප්‍රදේශයේ නිෂ්පාදනය කරන මෙම ඖෂධය හිටිහැටියේ හිඟයක් ඇතිවීමෙන් මේ වන විටත් ශ්‍රී ලංකාවේ ජනතාව පාවිච්චි කරන බව පැහැදිළි බව සඳහන් කළ මහාචාර්යවරයා මෙය මිනිසුන්ට හානි නොවන බෙහෙතක් නිසා වෛද්‍යවරු පරීක්‍ෂණ කර තවත් ප්‍රතිජීවක ඖෂධයක් සමඟ ලබාදිය යුතු යන්න තීරණය කළ යුතු බවත් පැවසීය.
මෙම බෙහෙත මිනිසුන්ට මිලිග්‍රැම් 12 ක් ද, සතුන්ට මිලිග්‍රෑම් දෙකක් ද, බැගින් වරකට ලබාදෙන අතර මේ බෙහෙත මිනිසුන්ගේ ශරීරියේ දිනයක් පමණක් පවතින බවත් ‘කොරෝනා’ රෝග ලක්‍ෂණ නැති අය සියයට 70 ක් පමණ සිටීම නිසා ඒ අයගෙන් සෙසු අයට බෝවීම වැලැක්වීම, ජනතාව රෝහල්වලින් ඈත්කිරීමට සහ ආසාදිතයන් අසාධ්‍ය තත්වයට පත්වීම අඩු කරගැනීමට මෙය භාවිතා කළ හැකි බවත් සඳහන් කළේය.
මෙම ඖෂධයට වයිරස් විනාශ කිරීමේ හැකියා ඇති බව සනාථවී ඇති අතරම කොරෝනා රෝගීන් විශාල පිරිසක් මේ ඖෂධය භාවිතා කර සනීප වී ඇති මෙන්ම පශු වෛද්‍යවරයකු ලෙස 1990 පමණ සිට සිට සතුන්ට පාවිච්චි කර සතුන්ට ඇති වන තත්වය පිළිබඳව ඇති අවබෝදය හේතුවෙන් මෙය කොරෝනා මර්දනයට යෝග්‍ය බව මහාචාර්ය අශෝක දංගොල්ල මහතා අවධාරණය කරයි.
සතුන්ගේ පණු රෝග සඳහා ලබාදෙන මෙම ඖෂධය විදේශීය රටවල කොරෝනා රෝගීන් ලබාදීමෙන් වයිරසය මර්දනය කර තිබෙන බව කී මහාචාර්ය අශෝක දංගොල්ල මහතා පණු රෝගවලින් පෙළෙන වැඩි පිරිසක් සිටින දකුණු අප්‍රිකාවේ ජනතාවට කොරෝනා ආසාදනය වීම අඩු වීමට මෙම ‘අයිවර්මෙක්ටින්’ හේතු වූ බව ද සඳහන් කළේය.
බංග්ලාදේශය ඇතු`ඵ රටවල් රැසක් ‘කොරෝනා’ මර්දනය සඳහා ලබාදෙන බවත් අපේ රටේ කොරෝනා ආසාදිතයන්ට ද කඩිනමින් මෙම ඖෂධය ලබාදෙන ලෙස ඉල්ලා සිටින බවත් මහාචාර්ය අශෝක දංගොල්ල මහතා කීය.

