(මනෝප‍්‍රිය ගුණසේකර)
පෞද්ගලික කෝන්තරයක් හේතූවෙන් පුද්ගලයකුට පිහියෙන් ඇණ මරා දැමීමේ චෝදනාවට වරදකරු වු අයියා මලෝ දෙදෙනකුට කොළඹ මහාධිකරණ විනිසුරු මහේෂ් වීරමන් මහතා මරණ දඬුවම් නියම කළේය.
විත්තිකරුවන්ට එරෙහි චෝදනා පමිණීල්ල විසින් සාධාරණ සැකයකිින් තොරව ඔප්පු කොට ඇතැයි විත්තිකරුවන්ට මරණීය දඬුවම නියම කරමින් විනිසුරුවරයා දැනුම් දුන්නේය.
මීට වසර 15කට පෙර මෙම ඝාතනය මෙම විත්තිකරුවන් විසින්ම සිදුකොට ඇති බව පැමිණිල්ල සාධාරණ සැකයකින් තොරව ඔප්පු කොට ඇතැයි තීරණය කරමින් මෙලෙස මරණ දඬුවම් නියම කරන ලද්දේ කඩුවෙල හේවාගම විහාර මාවතේ පදිංචි ගයාන් සුසන්ත (35 ) සහ දුෂාන්ත ප‍්‍රියංකර (36) නමැති අයියා මලෝ දෙදෙනෙකුටය.

