ස්වාධීන රූපවාහිනියේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ සුධර්මන් රදළියගොඩගේ විදේශ ගමන් බලපත්‍රය තහනම් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා අද (5) නියෝග කළේය.
ජනපතිවරණ සමයේ විපක්ෂ පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතා ළමයකු පැහැරගත්තැයි කියන සිද්ධියක් සම්බන්ධ අසත්‍ය ප්‍රවෘත්තියක් පළ කළැයි ඔහුට විරුද්ධව පොලිසිය අධිකරණයට පැමිණිලි කළේය.
පොලිසිය සඳහන් කළේ ළමා රක්ෂක අධිකාරියෙන් එම පුවත් ගැන කළ පැමිණිල්ලේදී මෛත්‍රිපාල සිරිසේන මහතාගේ කිසිම සම්බන්ධයක් නැති බවයි. මේ සම්බන්ධයෙන් ළමා රක්ෂණ අධිකාරියට කට උත්තරයක් දෙන්නැයි රදළියගොඩට උසාවියෙන් නියෝග කළේය. ඔහු අද අධිකරණයට පැමිණ සිටියේ නැත.
තම දරුවා පැහැරගෙන ගොස් ඔහුගෙන් බොරු ප්‍රකාශයක් ලබාගෙන ඇති බවත්, දරුවා සිටින තැනක් සොයා ගන්නට නැති බවත් කියමින් මවක මහනුවර පොලිසියට හා පොලිස් ළමා හා කාන්තා කාර්යංශයට පැමිණිල්ලක් කර ඇතැයි නීතීඥ ගුණරත්න වන්නිනායක ජනවාරි දෙවැනි දා කීවේය.
බාල වයස්කාර දරුවා කිසිවකු විසින් දේශපාලන කටයුත්තකට යොදා ගෙන ඇතැයි ද, මේ නිසා මව දැඩි වේදනාවකින් පසු වන බව ද, දරුවා සොයා ගැනීමට සියලු මාධ්‍ය ආයතනවල උදව් අවශ්‍ය වන බව ද වන්නිනායක මහතා පැවසීය.

