අයි.සී.සී. ක‍්‍රිකට් වාර්ෂික සම්මාන උළෙල - 2012 ඉහළම සම්මාන හතරකට සංගක්කාර නිර්දේශ කෙරේ
අන්තර්ජාතික ක‍්‍රිකට් සභාවේ 9 වැනි වාර්ෂික සම්මාන උළෙලේ (2012) ප‍්‍රධානතම සම්මාන හතරක් සඳහා ශ්‍රී ලංකා ක‍්‍රිකට් පිලේ හිටපු නායක කුමාර් සංගක්කාර නිර්දේශවී සිටියි. ලෝකයේ සියලූම කි‍්‍රකට් කී‍්‍රඩකයන් සහ කී‍්‍රඩිකාවන් අතුරින් ඉහළම සම්මාන කාණ්ඩ 4 සඳහාම නිර්දේශ වී සිටින එකම කී‍්‍රඩකයා සංගක්කාර පමණි.
කි‍්‍රකට් කී‍්‍රඩකයකු වශයෙන් අත්කරගත හැකි ජනපි‍්‍රයම සම්මානයක් වන ‘මහජන සම්මානය’ සඳහා මෙවරත් සංගක්කාර නිර්දේශව සිටීම කැපී පෙනේ. පසුගිය වසරේදී එංගලන්තයේ ලන්ඩන් නුවරදී පැවැති මෙම අයි.සී.සී. සම්මාන ප‍්‍රදානෝත්සවයේද සංගක්කාර මහජන සම්මානය මෙන්ම වසරේ එක්දින ක‍්‍රීඩකයා සම්මානයද හිමිකර ගත්තේය.
සංගක්කාරට අමතරව ජේම්ස් ඇන්ඩර්සන් (එංගලන්තය), ජැක් කලිස් (දකුණු අප‍්‍රිකාව), වර්නන් පිලැන්ඩර් (දකුණු අප‍්‍රිකාව) සහ සචින් තෙන්ඩුල්කාර් (ඉන්දියාව) මෙවර මහජන සම්මානය සඳහා නිර්දේශිත සෙසු කී‍්‍රඩකයෝ වෙති. මහජන සම්මානය සඳහා වන ඡුන්ද විමසීම අන්තර්ජාලය හරහා කෙරෙන්නකි.
‘මහජන සම්මානය’ සඳහා තමන් කැමති ක‍්‍රීඩකයාට ඡන්දය ප‍්‍රකාශ කිරීමේ අවස්ථාව ලෝකය පුරා කි‍්‍රකට් ලෝලීන්ට හිමිව තිබේ. www.facebook.com/cricketicc වෙබ් අඩවියට පිවිසීමෙන් මේ මස 31 වැනිදා දක්වා මහජන සම්මානය සඳහා ඡන්දය ප‍්‍රකාශ කිරීමේ අවස්ථාව කි‍්‍රකට් ලෝලීන්ට ලැබෙනු ඇත.
අන්තර්ජාතික කි‍්‍රකට් සභාවේ වාර්ෂික සම්මාන අතුරින් ඉහළම සම්මානය වන වසරේ ක‍්‍රිකට් ක‍්‍රීඩකයාට පිරිනැමෙන ‘ ශ්‍රීමත් ගාෆීල්ඞ් සෝබර්ස් කුසලානය’ සඳහා මෙවරත් සංගක්කාර නිර්දේශවී සිටියි. මෙම සම්මානය කි‍්‍රකට් කී‍්‍රඩකයන් සහ කි‍්‍රකට් කී‍්‍රඩිකාවන්ද අතුරින් එක් අයකුට පමණක් හිමිවන සුවිශේෂී සම්මානයකි.
ඊට අමතරව, වසරේ ටෙස්ට් ක‍්‍රිකට් ක‍්‍රීඩකයා සහ වසරේ එක්දින ක‍්‍රිකට් ක‍්‍රීඩකයා සම්මාන සඳහාද සංගක්කාරගේ නම නිර්දේශ වී ඇත.
ශ්‍රී ලංකා පිලේ දිනේෂ් චන්දිමාල් සහ ළහිරු තිරිමාන්න වසරේ නැඟී එන ක‍්‍රිකට් ක‍්‍රීඩකයා සම්මානය සඳහා නිර්දේශව සිටිති.
අජන්ත මෙන්ඩිස් සහ තිලකරත්න ඩිල්ෂාන් ද වසරේ විස්සයි/20 තරගවල දස්කම් දැක්වු ක‍්‍රීඩකයාට පිරිනැමෙන සම්මානය සඳහා නිර්දේශිත නාමලේඛනයට ඇතුළත්ව සිටිති. ශී‍්‍ර ලංකාවේ අන්තර්ජාතික තරග විනිසුරුවරයකු වන කුමාර ධර්මසේන මහතා වසරේ ක‍්‍රිකට් තරග විනිසුරුවරයා සම්මානය සඳහා නිර්දේශිත නම් අතර වෙයි.
මෙවර අයි. සී. සී. ක‍්‍රිකට් සම්මාන රාත‍්‍රිය විස්සයි/20 ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියට සමගාමීව සැප්තැම්බර් මස 15 වැනිදා කොළඹදී පැවැත්වීමට නියමිතය.
ලන්ඩන් නුවරදී (2004 සහ 2011), සිඞ්නි නුවරදී (2005), මුම්බායිහිදී (2006), ජොහැන්නස්බර්ග්හිදී (2007 සහ 2009), ඩුබායිහිදී (2008) සහ බැංගලෝර්හිදී (2010) මෙම සම්මාන උළෙල පවත්වා තිබේ.
වසරේ ක‍්‍රිකට් ක‍්‍රීඩකයාට නිර්දේශිත (ක‍්‍රීඩකයන් සහ ක‍්‍රීඩිකාවන් අතරින්)
සයීඞ් අජ්මල් (පාකිස්තානය), හසීම් අම්ලා (දකුණු අප‍්‍රිකාව), ස්ටුවර්ට් බ්‍රෝඞ් (එංගලන්තය), මයිකල් ක්ලාක් ( ඕස්ටේ‍්‍රලියාව), ඇලිස්ටෙයාර් කුක් (එංගලන්තය*, විරාට් කෝලි (ඉන්දියාව), වර්නන් පිලැන්ඩර් (දකුණු අප‍්‍රිකාව), කුමාර් සංගක්කාර (ශ්‍රී ලංකාව*, ස්ටෙෆානි ටේලර් (බටහිර ඉන්දිය කොදෙව්)
වසරේ ටෙස්ට් ක‍්‍රිකට් ක‍්‍රීඩකයා සඳහා නිර්දේශිත නම්:
සයීඞ් අජ්මල් (පාකිස්තානය), හසීම් අම්ලා (දකුණු අප‍්‍රිකාව), ස්ටුවට් බ්‍රෝඞ් (එංගලන්තය), ෂිව්නරීන් චන්ද්‍රපෝල් (බ.ඉ.කොදෙව්), මයිකල් ක්ලාක් ( ඕස්ටේ‍්‍රලියාව), ඇලිස්ටෙයාර් කුක් (එංගලන්තය), ජැක් කලිස් (දකුණු අප‍්‍රිකාව), වර්නන් පිලැන්ඩර් (දකුණු අප‍්‍රිකාව), මැතිව ප‍්‍රයර් (එංගලන්තය), මාලන් සැමුවෙල්ස් (බ.ඉ.කොදෙව්), කුමාර් සංගක්කාර (ශ්‍රී ලංකාව), ඬේල් ස්ටේන් (දකුණු අප‍්‍රිකාව) සහ ඒ. බී. ඩිවිලියර්ස් (දකුණු අප‍්‍රිකාව)
වසරේ එක්දින ක‍්‍රිකට් ක‍්‍රීඩකයා සඳහා නිර්දේශිත නම්:
සහීඞ් අෆ්රිඞී (පාකිස්තානය), සයීඞ් අජ්මල් (පාකිස්තානය), මයිකල් ක්ලාක් ( ඕස්ටේ‍්‍රලියාව), ඇලිස්ටෙයාර් කුක් (එංගලන්තය), මහේන්ද්‍ර සිං දෝනි (ඉන්දියාව), ස්ටීවන් ෆින් (එංගලන්තය), ගෞතම් ගම්බීර් (ඉන්දියාව), සකීබ් අල් හසන් (බංග්ලාදේශය), විරාට් කෝලි (ඉන්දියාව), ලසිත් මාලිංග (ශ්‍රී ලංකාව), බ්‍රෙන්ඩන් මැකලම් (නවසීලන්තය), මෝනි මෝකල් (දකුණු අප‍්‍රිකාව), සුනිල් නරේන් (බ.ඉ.කොදෙව්), කුමාර් සංගක්කාර (ශ්‍රී ලංකාව), බ්‍රෙන්ඩන් ටේලර් (සිම්බාබ්වේ) සහ ෂේන් වොට්සන් ( ඕස්ටේ‍්‍රලියාව)
වසරේ ජනප‍්‍රියම ක‍්‍රිකට් ක‍්‍රීඩකයා සඳහා නිර්දේශිත නම්:
ජේම්ස් ඇන්ඩර්සන් (එංගලන්තය), ජැක් කලිස් (දකුණු අප‍්‍රිකාව), වර්නන් පිලැන්ඩර් (දකුණු අප‍්‍රිකාව), කුමාර් සංගක්කාර (ශ්‍රී ලංකාව) සහ සචින් තෙන්ඩුල්කාර් (ඉන්දියාව)
වසරේ එක්දින ක‍්‍රිකට් ක‍්‍රීඩිකාව සඳහා නිර්දේශිත නම්:
ජේස් කැමරන් ( ඕස්ටේ‍්‍රලියාව), සනෙල් ඬේලි (බ.ඉ.කොදෙව්), ලව්ඩියා ග‍්‍රීන්වේ (එංගලන්තය), ඇනීෂා මොහොමඞ් (බ.ඉ.කොදෙව්), සරා ටේලර් (එංගලන්තය) සහ ස්ටෙෆානි ටේලර් (බ.ඉ.කොදෙව්)
වසරේ විස්සයි/20 ක‍්‍රිකට් ක‍්‍රීඩිකාව සඳහා නිර්දේශිත නම්:
ජේස් කැමරන් ( ඕස්ටේ‍්‍රලියාව), සනෙල් ඬේලි (බ.ඉ.කොදෙව්), අලීෂා හේලි ( ඕස්ටේ‍්‍රලියාව), ඇනීෂා මොහොමඞ් (බ.ඉ.කොදෙව්), මිතාලි රාජ් (ඉන්දියාව), ලීෂා ස්ටෙල්කාර් ( ඕස්ටේ‍්‍රලියාව), සාරා ටේලර් (එංගලන්තය) සහ ස්ටෙෆානි ටේලර් (බ.ඉ.කොදෙව්)
වසරේ නැඟී එන ක‍්‍රිකට් ක‍්‍රීඩකයා සඳහා නිර්දේශිත නම්:
ටේරන්ට් බෝල්ට් (නවසීලන්තය), ඩග් බ‍්‍රැක්වල් (නවසීලන්තය), දිනේෂ් චන්දිමාල් (ශ්‍රී ලංකාව), පැට් කමින්ස් ( ඕස්ටේ‍්‍රලියාව), නසීර් හුසේන් (බංග්ලාදේශය), ජුනයිඞ් ඛාන් (පාකිස්තානය), නේතන් ලයන් ( ඕස්ටේ‍්‍රලියාව), ටිනෝ මාවොයෝ (සිම්බාබ්වේ), සුනිල් නරේන් (බ.ඉ.කොදෙව්), ජේම්ස් පැටිංසන් ( ඕස්ටේ‍්‍රලියාව), ළහිරු තිරිමාන්න (ශ්‍රී ලංකාව) සහ මැතිව් වේඞ් ( ඕස්ටේ‍්‍රලියාව)
වසරේ විස්සයි/20 තරගවල දස්කම් දැක්වු ක‍්‍රීඩකයා සඳහා නිර්දේශීත නම්:
රවී බොපාරා (එංගලන්තය - ලකුණු 10 ට කඩුලූ 4),
තිලකරත්න ඩිල්ෂාන් (ශ්‍රී ලංකාව - නොදැවී ලකුණු 104)
ක‍්‍රිස් ගේල් (බ.ඉ.කොදෙව් - නොදැවී ලකුණු 85)
මාටින් ගප්ටිල් (නවසීලන්තය - නොදැවී ලකුණු 91)
මොහොමඞ් හෆීස් (පාකිස්තානය - ලකුණු 10 ට කඩුලූ 4)
ඇලෙක්ස් හේල්ස් (එංගලන්තය - ලකුණු 99)
රිචඞ් ලෙවි (දකුණු අප‍්‍රිකාව - නොදැවී ලකුණු 117)
බ්‍රෙන්ඩන් මැකලම් (නවසීලන්තය - නොදැවී 81)
අජන්ත මෙන්ඩිස් (ශ්‍රී ලංකාව - ලකුණු 16 ට කඩුලූ 6)
සුනිල් නරේන් (බ.ඉ.කොදෙව් - ලකුණු 12 ට කඩුලූ 4)
එලියස් සනී (බංග්ලාදේශය - ලකුණු 13 ට කඩුලූ 5)

