අයි පෝන් හොරා චන්ද්‍රිකාවෙන් කූඩුවට


ඉතාලියේ වොර්මෝ නගරයේ  චෙචීනා හි සුපිරි වෙළෙඳ හලකින් ‘ස්මාර්ට් අයි පෝනයක් සොරකම් කළ ශ්‍රී ලාංකිකයකු එහි ජී.පී.එස්.  චන්ද්‍රිකා තාක්ෂණය අනුව සොයා ගෙන ඇත. වීසා  බලපතක් පවා නැති මේ ශ්‍රී ලාංකිකයා ළඟ තුබූ දුරකතනය සොයා ගෙන ඇත්තේ ලොව කොතැන සිටියත් පුද්ගලයකු සිටින තැන සොයා ගැනීමේ තාක්ෂණයේ පිහිටෙන් බව ඉතාලි පොලිසිය කියයි.