අයවැයක් ද අතුරු සම්මත ගිණුමක්ද තීරණය ලබන බදාදා


(චමිල් රුපසිංහ)

නව රජය පත්වීමත් සමඟ ඉදිරි කාලය සඳහා අයවැයක් ඉදිරිපත් කරනවාද එසේ නැතිනම් අතුරු සම්මත ගිණුමක් ඉදිරිපත් කරනවාද යන්න පිළිබඳ තීරණය ලබන බදාදා රැස්වෙන කැබිනට් මණ්ඩල රැස්වීමේදී තීරණය කරනු ලබන බව ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවසීය.

අමාත්‍යවරයා මේ බව පවසා සිටියේ අද (16) මහනුවරදී පැවැති උත්සවයකදීය.

එහිදී අමාත්‍යවරයා මෙසේ ද පැවැසීය.

සාමාන්‍යයෙන් දෙසැම්බර් මාසය වන විට අයවැය ඉදිරිපත් කළ යුතු නමුත් මේ ටික කාලයට අයවැයක් ඉදිරිපත් කරනවාට වඩා අතුරු සම්මත ගිණුමක් මගින් අදාල කාලය ගත කරනවාද යන්න ලබන බදාදා රැස්වන අමාත්‍ය මණ්ඩලයේදී තීරණය කරන බව අමාත්‍යවරයා පැවැසීය.

පළාත් සභා මැතිවරණය පැවැත්වීම පිළිබඳව නීතිමය පසුබිමක් ඇති බවත් එය විසදා ගැනීම සඳහා තුනෙන් දෙකක බලයක් අවශ්‍ය බවත් එය ලැබී ඇති බැවින් 13 වන සංශෝධනයේ ඇති වී තිබෙන ප්‍රශ්න විසදා ගනිමින් එම මැතිවරණය කඩිනමින් පැවැත්වීමට කටයුතු කරන බවද අමාත්‍යවරයා එහිදී කීය.