අයවැය ලේඛනය ලබන මස 14 මැතිසබයට


(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

ලබන වර්ෂය(2023) සඳහා වූ  අයවැය ලේඛනය නොවැම්බර් මස 14 වන සඳුදා  පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව අද තීරණය කළේය.

එම කාරක සභාව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී අද පෙරවරුවේ රැස්විය.