අයර්ලන්තය දෙවැනි පුහුණු තරගයත් ජයගනී
විස්සයි20 ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියට සහභාගි වන ටෙස්ට් තත්ත්වය නොලැබූ රටක් වන අයර්ලන්තය දෙවැනි පුහුණු තරගයත් ජය ලැබීමට සමත්විය. කොළඹ මුවර්ස් ක‍්‍රීඩාංගණයේදී අද (17) පැවැති තරගයේදී අයර්ලන්තය ලකුණු 5 කින් බංග්ලාදේශය පරාජය කිරීමට සමත් විය. අයර්ලන්තය පළමු පුහුණු තරගයේදී සිම්බාබ්වේ පරාජය කළේය.
අයර්ලන්තය ඕවර 20 කදී කඩුලූ 6 ට 164 (පෝල් ස්ටිලින් 71, එඞ් ජෝයි 39, මෂ්රාෆි මොර්ටාෂා 33/2, ශකීබ් අල් හසන් 21/2)
බංග්ලාදේශය ඕවර 20 කදී කඩුලූ 6 ට 159 (තමීම් ඉක්බාල් 35, ශකීබ් අල් හසන් 52, ෂියුර් රහමන් 26, කෙවින් ඕබ‍්‍රයන් 24/3)

