අඹ යාළුවෝ


වසර කිහිපයක් පුරා දැඩි මිතුදමකින් වේලි සිටින කුඩා දරුවෙක් හා බල්ලකු නිව්යෝර්ක් නුවර සිටිති.

තේඕ නැමැති කුඩා දරුවාට තම දෙමාපියන් නත්තල් තෑග්ග වශයෙන් ගෙනා  බාව් නම් බලු පැටවා අරුම පුදුම ලෙස දරුවාට ලෙන්ගතු වී ඇතැයි දරුවාගේ දෙමාපියෝ ඇමරිකා මාධ්‍යට පවසති.

බාව් අපි ගෙනාවේ අනාථ  මඩමක ඉඳලා. ඒ වෙනකොට  වයස සති හතයි. පුතාගේ වයස අවුරුදු දෙකයි. දෙන්නා එකට බදාගෙනයි නිදා ගන්නේ. ගමන් බිමන් යන්නෙත් එකට. දෙන්නට දෙන්නා නැතුවම බැහැ. තේඕගේ  මව සිබා එසේ කියයි.