අමෙරිකාවේ දෛනික වැඩිම කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව වාර්තා වෙයි


අමෙරිකා එක්සත් ජනපදයෙන් දෛනික වැඩම කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව වාර්තා වී තිබේ.

ඒ අනුව ඊයේ දිනයේ එරටින් අලුතෙන් හඳුනාගැනුණු රෝගීන් සංඛ්‍යාව 40,000 කට අධිකය.

ආසාදිතයින් සංඛ්‍යාව ඉහළ යෑම හේතුවෙන් ටෙක්සාස්, ෆ්ලොරිඩා හා ඇරිසෝනා ප්‍රාන්ත යළි විවෘත කිරීමේ සැලසුම් අත්හිටුවා තිබේ.

මීට පෙර අමෙරිකාවේ වැඩිම දෛනික ආසාදිත රෝගීන් පිරිස පසුගිය 24 වැනිදා වාර්තා වූ අතර එම සංඛ්‍යාව 36,400 කි.  

නිවැරදි කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව වාර්තාගත මට්ටමට වඩා 10 ගුණයකින් පමණ වැඩිවිය හැකි බව එරට සෞඛ්‍ය අංශ සඳහන් කරයි.

අමෙරිකානුවන් මිලියන 20 කට පමණ  වයිරසය ආසාදනය වී තිබිය හැකි බව රෝග පාලන මධ්‍යස්ථානය ප්‍රකාශ කළේය.

රට පුරා පුද්ගලයින්ගෙන් ලබාගන්නා ලද රුධිර සාම්පල ඇසුරෙන් මෙම ගණනය සිදුකර තිබේ.

මේ වන විට අමෙරිකාවෙන් වාර්තා වන මුළු ආසාදිතයින් සංඛ්‍යාව  2,424,454 ක් වන අතර වයිරසය හේතුවන් සිදුවූ මුළු මරණ සංඛ්‍යාව 124,468 කි.

 

-226-

(බීබීසී ඇසුරෙනි)