අමාත්‍යංශ වාහනයේ ගැටී පොලිස් කොස්තාපල් මරුට


චතුරංග සඳරැස්ගම
 
අනුරාධපුර - නව නුවර පාරේ හයේ කණුව ප්‍රදේශයේ දී අද අලුයම කැබ් රථයක් හා යතුරු පැදියක්   ගැටීමෙන් සිදු වු අනතුරකින් පොසොන් රාජකාරියේ යෙදී ආපසු යමින් සිටි අනුරාධපුර මුලස්ථාන පොලීසියේ රථවාහන අංශයේ  පොලිස් කොස්තාපල්වරයකු මිය ගොස් තිබේ. 
 
මෙලෙස මියගොස් ඇත්තේ 79842 බුද්ධික අරවින්ද බංඩාර (29) නම් පොලිස් කොස්තාපල්වරයෙකි. 
 
 පොලිස් කොස්තාපල්වරයා ගමන් ගත් යතුරු පැදියේ ගැටුණු බව කියන කැබ් රථය අමාත්‍යංශයකට අයත් කැබ් රථයක් බවත්, එය භාවිත කර ඇත්තේ එම අමාත්‍යංශය භාර ඇමැතිවරියගේ ලේකම්වරයකු බවත් පොලිසිය පවසයි.