අම්බලන්ගොඩ නගරයේ කඩපෙළක් ගින්නකින් විනාශයි


(එම් .සුසිල් ප්‍රියන්ත සහ දීපාල් ද සිල්වා 

අම්බලන්ගොඩ නගර මධ්‍යයේ පරණ කොළඹ පාරේ (මහ වීදිය) අද (26 ) අලුයම් කාලයේ ඇතිවූ හදිසි ගින්නකින් දෙමහල් වෙළදසල් හතරක් මුලුමණින්ම ගිනිගෙන විනාශවිය.

අවන්හලක්, විදුලි උපකරණ අලවිසලක් ,රෙදිපිළි අලවිසලක් හා සුපිරි වෙලදසලක් මෙසේ ගින්නෙන් විනාශවී ගොස් ඇත.

අද (26 ) අලුයම 12 .30ට පමණ මේ හදිසි ගින්න හටගෙන ඇති අතර ගාල්ල නගර සභාවේ ගිනි නිවන ඒකකයේ රථ දෙකක් පැමිණ ගින්න නිවා දැමීමට කටයුතු කලේය.

මේ සදහා දැපැයකට  නොඅඩු කාලයක් එම ගිනි නිවන ඒකකයට මේ ගින්න නිවා දැමීමට ගතවිය.

අම්බලන්ගොඩ පොලීසියේ වැඩ බලන ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක බස්නායක මහතා ඇතුලු පොලිස් නිලධාරින් හා ප්‍රදේශවාසීන් විසින් මේ ගින්න නිවීමට සදහා උපරිම දායකත්වයක් ලබාදෙනු දක්නට ලැබිණ.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණයවී නැති අතර  ගින්නෙන් වෙලදසල්වලටවූ  අලාභහානිය මෙතෙක් තවම ගනණ් බලා නැත.

අම්බලන්ගොඩ මහ විදියේ මෙලෙස හදිසි ගිනි ඇතිවූ මේ තෙවැනි අවස්ථාව බව ප්‍රදේශවාසීහු කියති. එම හදිසි ගිනි ගැනීම්වලදීද වෙළදසල් කිහිපයක්ම ගින්නෙන් විනාශවිය .