අම්බලංගොඩ බස් වර්ජනය දෙවැනි දිනටත්


අම්බලංගොඩ කොළඹ පෞද්ගලික බස් වර්ජනය අද දෙවැනි දිනටත් පැවතියේය. බලපිටිය උසාවිය අසලදී පෞද්ගලික බස් කොන්දොස්තර වරයකුට ගලකින් ගසා දත් දෙකක් කැඩීයයි කියන පුද්ගලයන් අල්ලන තුරු වර්ජනය පවත්වාගෙන යන බව බස් සේවකයෝ කියති. ගල් ප්‍රහාරය එල්ල කර ඇත්තේ බසය ධානයන වෙද්දීය.